කෙහෙලියගේ වටේ අයගෙත් ගිණුම් ගැන විමසයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට තීරණය කර තිබේ.

ෙකෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත.

ඉදිරි දින කීපයේදී  ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර  ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණය මීට පෙර හිටපු අමාත්‍යවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනාගෙ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක්, රක්ෂණ ඔප්පු තුනක් එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට නියෝග කර තිබිණි.