IMF නොගියා නම් රට යන අත මෙන්න

0

ළ පහර සැඩනොවන, රළු නොවූ මුහුද මත කවදාවත් දක්ෂ කප්පිත්තන් බිහිවුණේ නැත. දක්ෂ කප්පිත්තන් බිහි කළේම සැඩ රළු මුහුද මතය. රාජ්‍ය පාලනයේදීත් එහෙමය. දක්ෂ නායකයන්, රට ගැන, ජනතාව ගැන දැක්මක් වැඩපිළිවෙළක් ඇති සැබෑ නායකයන් බිහි වුණේම ඒ ඒ දැවැන්ත ආර්ථික අර්බුද, ආක්‍රමණ, දේශපාලන කැළැඹිලි මතින්ය. 2022 දී මෙරට සිදුවූ බල හුවමාරුවත් අන්න එවැන්නක්ය. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ, ජනතා නැගීසිටීම හමුවේ රට බේරගන්න කියා පැමිණි “විරුවා”‍ සිටියේ ජනතාවගෙන් තමන්ගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රයත්න දරමින්‍ය.
එහිදී සමාජ පර්‍යාය බිඳ නොවැටීම සඳහා සාම්ප්‍රදායික ලෙස තිබූ ආණ්ඩුව විසුරුවා, නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කළේය. නමුත් ඒ මොහොතේ සජිත් හිටියේ ලංකාවේ ආර්ථික දත්ත අසා ඉහමොළ රත්වෙලාය. අනුරට ආරධනා කළේය. අනුර ගණන් හදමින් සිටියද උත්තර සොයාගැනීමට සමත් වූයේ නැත.
ඉතිහාසය කිසිවිටෙකත් පිළිතුරු නැති ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත. ඒ අනුවම යමින් ලංකාව මුහුණදුන් අර්බුදය විසඳීමට හැකියාව ඇති නායකත්වය ඉතිහාසය විසින් නිර්මාණය කර සිටියේය. ඒ අන් කවුරුත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ මොහොතේ ඔහු සිටියේ ජනප්‍රියවාදී දේශපාලනය තුළ පරාජිතයෙකු ලෙසය. ජනතාව නොමඟ ගොස් සිටියත් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයෙන් රට ගලවා ගන්නට නම් රනිල් හැර විකල්පයක් නොමැති බව මෙරට දේශපාලන ප්‍රභූ තන්ත්‍රය දැන සිටියේය. ජනාධිපති තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී සිය ඓතිහාසික දේශපාලන සතුරාට තම කඳවුරේ පාලනය පැවරුණේ ඒ අනුවය.
පී.බී. ජයසුන්දරගේ සිට එදා හිටපු ජනාධිපති ගෝඨාභයගේ නිල නොලත් ප්‍රධානම ආර්ථික උපදේශක වූ නාලක ගොඩහේවා දක්වා වන කෙරුමන් අර්බුදය විසඳීමට සමත් වූයේ නැත. රට බංකොලොත් කළ ප්‍රතිපත්ති සම්පාදනයේ සැබෑ මහමොළකරුවන් ඔවුන්ය. ඒ ලැයිස්තුවට අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ නමත් ඇතුළත් කරගත්තාට වැඩි වන්නේ නැත. ඒ එම වකවානුවේ ඔහු මහ බැංකු අධිපති වූ නිසා පමණක් නොවේය. ඉවක් බවක් නොමැතිව මුදල් මුද්‍රණය කිරීම සහ උද්ධමනය අතර සම්බන්ධයක් නොමැති බවට සිදු කළ මහා සොයාගැනීමද නිසාය.
ඉතිහාසයේ සරදම නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන්, වියත් කියත් සමඟ සෞභාග්‍යයේ දැක්මට අනුව රට කරවන ආකාරය ගැන මරු කියවූ නාලක ගොඩහේවා වැනි පිළිල අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආර්ථික උපදේශකව සිටීමය. නමුත් කිසිදා ඉටුනොවන පෙරුම් පුරන සිහිනයක් පමණක් වන සජිත්ගේ වෙන්ඩ ජනාධිපති සිහිනයේ සිහින මුදල් හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍ය ලෙස සිටීමට වඩා දෙයක් සිදුවන්න නියමිත නම් ඒ ඊළඟ මහ මැතිවරණයෙන් ගොඩහේවා පරාජය වී ගෙදර යාමය.
සැබවින්ම මේ දීර්ඝ වූත්, නමුත් නොතැකිය හැකි පූර්විකාව ගත්තේ ෂඵත්‍ දෙවැනි වාරිකය ලැබීමත් සමඟ දේශපාලන කරළියේ පරණ ජඩකම් යළිත් ඉස්මතු වෙමින් ඇති නිසාය. ජනප්‍රියවාදී දේශපාලනය පෙරට ගෙන යළිත් මිලියන 22ක ජනතාවගේ ඉරණම සමඟ සූදු කෙළින්නට සැරසෙන බවක් හොඳටම නිරීක්ෂණය වන නිසාය. විපක්ෂ නායක සජිත් මෙන්ම ජවිපෙ අනුර කුමාර මේ සෙල්ලම කාලයක් තිස්සේ කරන බව රහසක් නොවේය. පසුගියදා ඊට අලු‍තෙන් එක්වුණේ හිටපු ජනාධිපති මහින්දය.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මෙරට මුව අද්දරට පැමිණි 2021 වසරේදී පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එවකට මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල් කියා සිටියේ, “පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් ඇතැම්විට බරපතල කොන්දේසිවලට යටත්වීමට සිදුවිය හැකි බව”‍ය. එබැවින් IMF නොයා යුතුයි කියන ස්ථාවරයේ තමා සිටින බවය.
දැන් සිතියම පැහැදිලිය. නිවාඩ් කබ්රාල්ලා මෙන්ම ගොඩහේවාලා මුල්තැන දුන්නේ දේශපාලනයට මිස මිලියන 22ක ජනතාවට නොවේය. එපමණක් නොව මහා ආර්ථික කෙරුමන් ලෙස කොපමණ පම්පෝරි ගැහුවත්, අර්බුදය සමනය කරගන්න අවශ්‍ය දැක්මක් හෝ ඔවුන්ට තිබී නැත. එය වහගන්න ඔවුන් උත්සාහ කරේ විකාර ප්‍රකාශ කරමින් ජනතාව තවදුරටත් නොමඟ යැවීමටය. රෝගයට ප්‍රතිකාර කිරීම වෙනුවට රෝගය සඟවාගෙන සිටින මාරක සෙල්ලමය.
සැබවින්ම ඒ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උරචක්‍රමාලය පැළඳීයේම මිලියන 22ක ජනතාව වෙනුවෙන්ය. එහිදී අර්බුදය විසඳීමට මූලික ප්‍රවේශය ගැනීමට IMF සමඟ වැඩපිළිවෙළක් ඇතිකර ගැනීමට කටයුතු කළේය.
එහි ප්‍රතිඵලය මේ වන විට ලැබී ඇත. 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වෙතින් අපේක්ෂිත මුදල් ලැබී ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යංශය පවසන්නේ ඒ ඩොලර් මිලියන 787ක විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ එය රටේ බාහිර සංචිත ශක්තිමත් කරන බවය. 2023 අවසන් වන විට බලාපොරොත්තු වූවාට වඩා වැඩි අගයක් ගනිමින් දළ නිල සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇති බවය. ඒ කියන්නේ 2022 දී මුළුමනින්ම සිඳී ගොස් තිබූ මෙරට විදෙස් සංචිතය පිළිවෙලින් ගොඩදමා ඇති බවය. නිශ්චිත මූල්‍ය ප්‍රතිපත්තියක් තුළ නිවැරදි දිශාවට රටේ ආර්ථිකය ගෙනයමින් තිබෙන බවය. කවුරුත් හදන්න බෑ, හිතාගන්න බෑ කියූ වැඩේ ජනාධිපති රනිල් සිදුකර පෙන්වා ඇති බවය.
කාගේ කාගේත් පරණ දේශපාලන කාලකන්නිකම් ආයෙත් ඉස්මතු වෙන්න ගෙන ඇත්තේ ඒ නිසාය. සැබවින්ම ජනාධිපති රනිල් මේ සිදුකරන්නේ විප්ලවයක්ය. සජිත් දාලා පලා යද්දී, අනුරලා පාර්ලිමේන්තුවෙන් පිට පාලනයක් ගැන මරු කියවද්දී, “තත්වය බරපතළයි තමයි, හැබැයි හදන්න පුළුවන්”‍ කිව්වේ ජනාධිපති රනිල් පමණය.
අද ගෙවෙන දිනයක් පාසා ඔප්පු වෙමින් ඇත්තේ ජනාධිපතිවරයා නිවැරදි බවය. නමුත් කුහක විපක්ෂය උත්සාහ ගන්නේ ඒ බව ජනතාව වෙතින් වසං කරන්නය. ජනාධිපති IMF පදයට නටමින් බදු පිට බදු ගහනවා කියන්නේ ඒ නිසාය. විපක්ෂයේ උපක්‍රමය මුදල් ප්‍රශ්නවලට හේතුව රනිල්ගේ බදු ගැසීම ලෙස දක්වා තමන්ගේ හොද්ද බොර කරගන්නය. මේ චෝදනා නගන අයගෙන්
පළමුව ඇසිය යුත්තේ ජනපති රනිල් IMF නොගියා නම් උදාවීමට තිබූ තත්වය ගැනය.
එවැනි තත්ත්වයක් ගැන සිතීමටත් නොහැකිය. ජනාධිපතිවරයා එදා තීව්‍ර වන ප්‍රචණ්ඩත්වයක් සමග දිග්ගැස්සෙන අරාජිකත්වයක් කරා වැටුණු රටේ නීතිය හා සාමය පිහිටුවීමට කටයුතු නොකරන්න මේ වන විට තිබිය හැකි තත්වය වන්නේ
පෙරටුගාමී කුමාර්ලා සහ ජවිපෙ අනුරලා රටේ ප්‍රදේශ අල්ලගෙන, දියත්කරන මරාගෙන මැරෙන වීදි සටන් ය. නැත්නම් හමුදා පාලනයක්ය.
එදා ෂඵත්‍ සමඟ වැඩසටහනකට ඇතුළත් නොවෙන්න මේ රට කොල්ලකෑම් ඉවහා ගිය, හාල් සේරුවට, පොල් ගෙඩියට මර්ඩර් දෙන රටක්ය. හරකෙක් නම් බෙහෙතකට හොයන්න නොලැබෙන අතර ජනතාව බුදින්නේ උන්ට වෙන්වූ තණකොළය. මේ බිම තුන් බිය පැතිරුණු නූතන විසාලාවකට වඩා බියකරු වනු ඇති බව පැවසීම අතිශෝක්තියක් නොවේය. කැඳ ටිකක් හදන්න හාල් සේරුවක් ගන්න යන්න වෙන්නේ පිස්තෝල ඉනේ ගහගෙන විල්බැරෝවක සල්ලි පුරවාගෙනය. විදුලි බලය අඛණ්ඩව ලැබීම යන්න සැරටම වැහැපු දවසක දැකපු ලස්සන හීනයක්ය.
තණකොළ ප්‍රධාන ආහාරය නිසා අමතර ආහාරයට සුදුසුකම් ලබන්නේ කොළපොතු ය. වාහන ප්‍රදර්ශන භාණ්ඩ පමණක් වන අතර ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය පයින් යාම සහ අත්කරත්තය. යළිත් ගොම මැටිවලින් ගෙවල් බිත්ති පිරියම් වන අතර සෙවිලි මාධ්‍ය පිදුරු පොල් අතුය. සන්නිවේදන මාධ්‍ය කට කතා වන අතර දුරකතන දොර අඩය. දුම්කොළත් හිඟ වූ කළ ගංජා නීති ගත කිරීම දේශපාලන පොරොන්දුවක් වන අතර මතට සහය දෙන්නේ කසිප්පුය.
ලිංගික අධ්‍යාපනය ලබාදීමත් මහා වරදක් වූ රටේ, ගණිකා වෘත්තීය නීතිගත කිරීම ශාපයක් ලෙස සලකන රටේ එක වේලක් කන්න එක වතාවක් නිදිවදින්න වීම සාමාන්‍ය දෙයක් වනු ඇත. පෝලිම් දකින්නට නොලැබෙන්නේ පෝලිමේ සිට හෝ ගන්න දෙයක් නැති නිසාය. මේ ආකාරයට, ජනාධිපතිවරයා IMF නොගියා
නම් ජනතාවගේ ඉරණම තවත් වචන කළ හැකි නමුත් ඒ ගැන තවදුරටත් සිතීම පවා අතිශය දුෂ්කරය. අද අමු සිංදු විඳින ජනතාවට මෙරට තක්කඩි දේශපාලනය අමතක කරවීමට යන්නේ අන්න ඒ අමු ඇත්තය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේ උද්ධමනය 2.8ක් විය. එය පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඉහළ යාමක් බව ඇත්තය. නමුත් මීට වසරකට පෙර, ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටම වූ 69.8%ක් ලෙස උද්ධමනය ඉහළ තිබූ බවත් ඇත්ත ලෙස පිළිගත යුතුව ඇත. ඒ අගය මාස දොළහක කාලයක් තුළ මෙපමණ පහත වැටීම සුවිශේෂී තත්ත්වයක් බවත් පිළිගත යුතුව ඇත. උද්ධමනයේ මේ වත්මන් හැසිරීම සිහිපත් කරන්නේ 2019 පැවති තැනට එය ගමන් කරමින් ඇති බවය.
15%ක් ලෙස තිබූ වැට් බද්ද 18%ක් කිරීමට IMF බලපෑ බවට විපක්ෂ චෝදනා කරයි. නමුත් ඔවුන් අමතක කරන්නේ පූර්ව වසංගත සමයේ රාජ්‍ය බදු කප්පාදුව, කොවිඩ් බලපෑම 2020-21 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 10කට වඩා විශාල මූල්‍ය හිඟයක් ඇති කිරීමට හේතු වූ බවය. 2021 දී රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවූ බවය. 2020 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් සඳහා ප්‍රවේශය අහිමි වූ බවය. එය ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත වැටීමට හේතු වූ බවය.
IMF නිර්දේශ වූයේ, වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගතයුතු බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදුකළ යුතු බවය. ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදුකළ යුතු බවය.
උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම – ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර
බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතර කිරීම) සඳහා මෑතකාලීන පියවර ඉදිරියට ගෙන යා යුතු බවය.
ක්‍රමානුකූලව වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම – විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වාගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස්කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළයුතු බවය.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළයුතුය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම) ය.
මේ සමඟ දෙවැනි පියවර ලෙස තවත් අනිවාර්ය නිර්දේශ 16ක් ඉදිරිපත් කෙරිණ. ඒ සියල්ල ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවත්, සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වාලීමට ආණ්ඩුව සමත් විය. නිර්දේශ සියල්ල ඉටු නොකිරීම හමුවේ විපක්ෂය කාලකන්නි සතුටක් භුක්ති වින්දේ ෂඵත්‍ දෙවැනි වාරිකය අහිමිවන බව කියමින්ය. ඒ සමඟ ආයෙත් වටයකින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ අවස්ථාව රටට අහිමි වීමේ අවධානම උද්ගතවූ නිසාය. නමුත් මිලියන 22ක ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල්ගේ වැඩපිළිවලෙහි සාර්ථක බව, එහි දිශානතිය නිවැරදි බව, ඉතිහාසයේ මෙවැනි තත්වයක් ඇති වූ ලෝකයේ කිසිදු රටක් නොදැක්වූ ප්‍රගතියක් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති බව පිළිගන්න IMF ට සිදුවිය.
විපක්ෂයේ කාලකන්නි සතුටට වැඩි ආයුෂ අහිමි කළේ ඒ පිළිගැනීම හමුවේය. කොතරම් තිත්ත වුවත් රෝගය වෙනුවෙන් නිවැරදි ප්‍රතිකර්මය ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සැලසුම්කර ක්‍රියාත්මකකර ඇත. ICU සිටි රෝගියා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකිරීමට හැකිවී ඇත්තේ ඒ නිසාය. විපක්ෂය මෙන්ම මහින්දත් පැරණි ශාපලත් ජනප්‍රියවාදී දේශපාලනය වෙත තල්ලු‍වී ඇත්තේ ද ඒ නිසාය. ඉතුරු බෙහෙත් ටිකත් නියමිත මාත්‍රාවට ගෙන මුළුමනින්ම සුවපත් වෙනවද නැත්නම් කුරිරු සුසානයක වැළලෙනවාද යන්න මෙරට මිලියන 22ක ජනතාව තෝරාගත යුතුය. පසුගියදා
2024 අයවැය විවාදය අවසන් දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, “මේ මඟ මිස වෙනත් මඟක් නෑ”‍ කියා කිව්වේද ඒ ගැන ය.

………කල්ප අනුත්තර ලියනගේ………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *