IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති කියයි.

0

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා.

අද (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබෙනවා.

ඒ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ (23) සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පැවැත්වීමෙන් අනතුරුවයි.

මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්,9% සහ 10% දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *