දසදහසෙන් පන්දහසක් ජනවාරියේදීම රාජ්‍ය සේවකයන්ට

0

මෙවර අයවැය මගින් රජයේ සේවකයන් සඳහා ලබා දීමට යෝජනා කළ රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමෙන් රුපියල් 5000 ක් ලබන ජනවාරියේ සිට ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

එහිදී විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක දීමනා වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත.

අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්ත අනුව ජනවාරියේ සිටම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබේ.

අදාළ රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බ්‍රහස්පතින්දා (23 දා) පැවැත්විණි.

අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අයවැය කතාවේ දී යෝජනා කළේය.

විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 ක් අප්‍රේල් මාසයේ සිට ලබා දීමට ද අයවැය යෝජනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *