රොෂාන්ට ජනපතිගෙන් ප්‍රශ්ණ දෙකක්..

0

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අඳාලව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ ට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා 3 හි ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදි මෙම ලිපිය බාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

අය වැය කාල වකවානුව බැවින් ඊට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම වෙනුවෙන් කැබිනට් හමුව අද (27) සවස පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබුනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සවස පැවැති ඇමති මණ්ඩල හමුවට ඔහු පැමිණි විගස ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් ඔහුට යොමු කර තිබුනි.


ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි.

දෙවෙනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි. එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ.

එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තරවීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳවා පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත.

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සියධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.
00 rr 1

00 rr 2
00 rr 3
00 rr 4
00 rr 5

THE LEADER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *