ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවය.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *