ජල සම්පාදනයෙන් නිවේදනයක්

0

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට කිසිදු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා සඳහන් කළේ, කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයේ පැවති ගැටලු නිරාකරණය කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයෙන් වැලි බැම්මක් ඉදිකර ඇති බවය.

“මේ දිනවල පානිය ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ඒ වුණත් අපි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ගැන කතා කළොත් ඒවට අපට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ලබාගන්න ගැටලු මතුවුණත් අපි ඒවා නිරාකරණය කරගන්න කැලණි ගඟ හරහා අඹතලේ ප්‍රදේශයෙන් අපි වැලි බැම්මක් යොදලා තියෙනවා. ඒ බැම්ම මඟින් අපිට එන ප්‍රධාන ප්‍රශ්න දෙක වන ගඟේ ජල මට්ටම පහළ යෑම සහ ලවණ මිශ්‍ර වූ මුහුදු ජලය පානීය ජලයට එකතු වෙන එකත් අපි පාලනය කරලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ අපිට අඛණ්ඩව කොළඹ, ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ ගැටලුවක් නෑ…

ඒ වුණත් මේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ පාරිභෝගිකයෝ ඉතා විශාල වශයෙන් ජලය පරිභෝජනය කරන නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී එන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීමක් කරනවා පාරිභෝගිකයින්ගෙන්, අපි පිරිපහදු කරලා දෙන ජලය අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් භාවිත කරන්න කියලා. ජල මුලාශ්‍ර ආරක්ෂා කරගන්න ගංගා අපවිත්‍ර කිරීම හැකිතරම් දුරට අවම කරලා අපිට සහයෝගය දෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *