ඉන්දියාවෙන් දුන් ගෙවල් 660ක වැඩ අවසන්

0

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 ක  නිවාස 1401 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.  

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 661ක ඉදිකිරීම් අවසන් කර තිබේ. තවත් නිවාස 338ක  ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම අධිකාරිය සදහන් කරයි. 

ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101 න් ගම්මාන 07 ක නිවාස ඉදිකිරීම් අවසන් කොට ජනතා අයිතියට පත් කර තිබේ. 

මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මාන මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත. 

මාතලේ, කිළිනොච්චිය සහ පුත්තලම ගම්මාන වල නිවාස ඉදිකිරීම් අවසන් කර තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 2400 කි.  විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ ඉතිරි ගම්මාන වල ඉදිකිරීම් ද කඩිනම් කරන ලෙසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *