ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවතට.

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමේදී  යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමි විය.
ඒ අනුව ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපති ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයෙන් සම්මත විය.