අධ්‍යාපනය සෞඛ්‍ය සේවා බාධා කිරීම වළකන අලුත් නීතියක්

කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව අවධාරණය කරයි.

ඊට හේතු ලෙස අසාධාරණ ඉල්ලීම් සිදු කරමින් වැඩවර්ජන ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරමින් රටේ නිරායුධ අවිහිංසක පාසල් දරුවෝ මෙන්ම රෝහල්වල ලක්ෂ සංඛ්‍යාත රෝගීන් මෙන්ම අනෙක් පොදු මහජන සේවාවන් ලබා ගන්න පිරිසක් පීඩාවට පත් නොකර ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් ලෙස ලංකා ආණ්ඩුව සලකන බැවින් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.