ලිට්‍රෝ ගෑස් මිල, කී ලෙස පහතට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ, ඒ අනුව

කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,982ක්

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198ක්

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 561ක්

ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් මහතා පැවසීය.