ලිට්‍රෝ ගෑස් රුපියල් 1000කින් මිළ පහලට

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1,000කට ආසන්න ගණනකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව හෙට ( අප්‍රේල් මස 04 ) මධ්‍යම රාත්‍රියේ සිට මම මිළ අඩුවීම ලංකාවාසී පාරිභෝගිකයන්ට පිරිනැමෙන බවත් හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බව ය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා ඇති අතර “ඉතිහාසයේ ඉහළ ම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය” බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.