ආනයන සීමා කාලයේදි දේශීයව එකලස් කළ වාහන 44430ක් වෙළෙඳපොළට එක් කෙරේ

ආනයන සීමා පැනවූ සමයේ දී මෙරට එකලස් කළ රථවාහන 44430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අතර යතුරු පැදි 38144ක් සහ කාර් රථ 6,286ක් වන බව ඇමැතිවරයා පවසයි.

ඊයේ (06) මුදල් අමාත්‍යාංශයේ දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණ විය.