මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හා මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අතර හමුවක්

0

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සහ මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු ඇමැති මූසා සමීර් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිනි ෂෙරීනා අබ්දුල් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

මෙහිදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා විය. එහිදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *