මැලේසියා විදේශ ඇමැති මෙරටට

0

රී ලංකා – මැලේසියා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා මැලේසියානු විදේශ කටයුතු ඇමැති ආචාර්ය සැම්බ්‍රි අබ්දුල් කාදිර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඊයේ (08) මෙරටට පැමිණි මැලේසියානු විදේශ කටයුතු ඇමැතිවරයා එළඹෙන 12 දා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මැලේසියානු විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු හා මධ්‍යම ආසියානු අංශයේ උප ලේකම් ඩාටො සයීඩ් මොහොමඩ් බක්‍රි, ප්‍රාදේශීය සහයෝගීතා අංශයේ උප ලේකම් අහමඩ් කම්රිෂමිල් සහ විදේශ ඇමැතිවරයාගේ විශේෂ නිලධාරී අබ්දිල්බාර් අබ් රෂීඩ් මහත්වරු ද මේ සංචාරය සඳහා එක්ව සිටිති.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු විදේශ ඇමැතිවරයා ප්‍රමුඛ දූත කණ්ඩායම එළඹෙන 11 දා කොළඹ දී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංවිධානයේ (IORA) 23 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.
මහින්ද අලුත්ගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *