බන්ධනාගාර කොමසාරිස් තනතුරට පල්ලෙතැන්න මහතා පත්වෙයි

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන එස්. කේ. පල්ලෙතැන්න මහතා බන්ධනාගාර කොමසාරිස් තනතුරට උසස්වීම් ලැබ ඇත.

කොමසාරිස් තනතුරට පත්වන තෙක් විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයෙක් ලෙස සේවය කළ ඒ මහතා දෙවැනි පෙළ ජේලර්වරයෙක් ලෙස 1987 වසරේ බන්ධනාගාර සේවයට එක්ව ඇත.

ඒ මහතා බන්ධනාගාර කීපයක අධිකාරීවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඔහු මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ මාලදිවයින රටවල්වල පුහුණුව ලබා තිබේ. ඒ මහතා ඉන්දියාවේදී විශෝධනය හා කළමනාකරණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරීය.

දක්‍ෂ ක්‍රීඩකයෙක් වන පල්ලෙතැන්න මහතා බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස ද කටයුතු කරනලදි.