වර්ජනයට සහභාගි නොවී ගුරුවරුන්ට වැටුප් වර්ධකය ලැබෙන අන්දම

ගුරු-විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වර්ජනයට සහභාගි නොවී ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්දකයක්, 2වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයක් හා පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630 ක වැටුප් වර්ධකයක් ලබාදීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන ලදි.