කවුරු ආණ්ඩු කළත් කරන විදිහ නොවෙනස්  නව ජාතික ප‍්‍රතිපත්තියක්

0

ආණ්ඩුවෙන් ආණ්ඩුවට පක්ෂයෙන් පක්ෂයට ඇමතිගෙන් ඇමතිට මෙරට ප‍්‍රතිපත්තින් යළි වෙනස් කිරීමට නොහැකි ලෙස සකස් කිරීමට අවශ්‍ය පියවර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගෙන තිබේ. ස්ථිර ජාතික ප‍්‍රතිපත්ති මත මෙරට සංවර්ධන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අවශ්‍ය නෛතික පියවර ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම ”ජාතික ඇගයීම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ රාමුව” එළිදක්වමින් ආරම්භ කර තිබේ.

පසුගිය 08 වනදා ජාතික ඇගයීම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීම අරලියගහ මන්දිරයේදී පැවැත්විනි. මෙය මුදල් අමාත්‍යංශය විසින් සකසා ඇත. කෙසේ නමුත් මෙම ක‍්‍රමවේදය 2017 වසරේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී යෝජනා කර ප‍්‍රකාශයට පත් කර තිබු නමුත් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබී තිබුණේ නැත. වසර 07 කට පසුව හෝ මෙය ක‍්‍රියාත්මක කිරීම මෙරට රජයේ ව්‍යාපෘතිවල සහ ප‍්‍රතිපත්තිවල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා වන වැදගත් පියවරක් ලෙස සැලකේ. රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ සමයේ සිටම වෙනස් නොවන අඛණ්ඩ ජාතික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වීම විය යුතු බවට අවධාරණය කළ අතර 2048 සංවර්ධිත ශ‍්‍රී ලංකාව යථාර්ථයක් කරගැනීමට නම් එම ප‍්‍රතිපත්ති අනාගතයේදී බලයට පත්වන පාර්ශ්ව විසින්ද අනුගමනය කළ යුතු බව පෙන්වා දී තිබිණි.

”ස්ථාවර ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිකම මෙරට පාලන තන්ත‍්‍රයේ පවතින විශාල හි`ඩැසක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම ජාතික ප‍්‍රතිපත්ති රාමුව ක‍්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කමිටුවට විශාල වගකීමක් පැවරෙනවා. එමෙන්ම මෙම ප‍්‍රතිපත්ති අඛණ්ඩව ක‍්‍රියාත්මක විය යුතුයි. රජයේ ක‍්‍රියාමාර්ග ඵලදායී ලෙස ඇගයීම වඩාත් වැදගත් වෙනවා. ජාතික ඇගයීම් ප‍්‍රතිපත්තිය ශක්තිමත්ව ක‍්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන්ගේ කැපවීම ද අත්‍යාවශ්‍යයි.

රාජ්‍ය ව්‍යුහය තුළ විනය සහ පිළිවෙළ ඇති කිරීම මෙහි තවත් අරමුණක් වෙනවා. ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීමටත්, ආණ්ඩු වෙනස් වුවද, ප‍්‍රතිපත්ති ස්ථාවරව පවතින බව සහතික කිරීමත් මෙම ප‍්‍රතිපත්තියෙන් සිදු විය යුතුයි. ශ‍්‍රී ලංකාව මෙම ප‍්‍රතිපත්තිය සම`ග ඉදිරියට යන විට, ජාතික ප‍්‍රතිපත්ති පිළිබඳ වැඩි එක`ගතාවයක් ඇති කර ගැනීම ද අපේක්ෂා කරනවා. අවසානයේ එම`ගින් පුළුල් ජාතික ප‍්‍රතිපත්ති රාමුවකට ඉඩ සැලසෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී කරුණ පැහැදිලි කිරීමක් සිදුකර තිබිණි.

මේ අතර නොබැදි පිළිවෙත සහ කලාපීය සහසම්බන්ධතාවය අවධාරණය කරන නව විදෙස් ප‍්‍රතිපත්තියක් සහ රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු වන ජාතික ආරක්ෂාව පිළිබඳ නව ප‍්‍රතිපත්තිය ද නුදුරේම එළි දැක්වීමට නියමිතය.කෙසේ නමුත් වෙනස් නොවන දීර්ග කාලීන ඉලක්ක මුල් කරගත් ප‍්‍රතිපත්ති මත රටේ අනාගතය ගොඩනැ`ගීම විය යුතු බව මෙරට විවිධ පාර්ශ්වවල බලවත් ඉල්ලීමක්ව පැවැතිනි. මේ අනුව විශේෂයෙන්ම පසුගිය වසරේ පැන නැගුණු ජනතා අරගලවල සටන් පාඨයක් වු සිස්ටම් චේන්ජ් කිරීම මේ වන විට ජනාධිපතිවරයා කළබලයක් නොමැතිව ක‍්‍රමිකව සිදු කරමින් තිබෙන බවත් පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *