විකල්ප නායකත්වයක් අවශ්‍යයි -බර්ලින් ග්ලෝබල් සංවාදයේදී රනිල් කියයි
ලෝක බලවතුන් සහ ගෝලීය වශයෙන් ආර්ථිකමය මැදිහත්වීම් කරන ජාත්‍යන්තර සංවිධාන කෙරෙහි ඉතා දැඩි විවේචනයක් සහිතව මෙම දේශනය පැවැත්වුණු අතර ලෝක නායකයන් ඉදිරියෙහි මෙවැනි බරපතල කරුණු දැක්වීමක් මෑත කාලයේ කිසිදු පාර්ශ්වයකින් සිදුව තිබුණේ නැත. ජනාධිපතිවරයා මෙහිදී ගෝලීය අර්බුදය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල අර්බුද විසඳීම සදහා වන අවශ්‍ය වන නව ජාත්‍යන්තර ප‍්‍රවේශය කුමක්ද යන්න පෙන්වා දීම ද සුවිශේෂි කරුණකි.
මෙහිදී ඔහු, යුරෝපා සංගමයේ මුලිකත්වයෙන් G20 සහ බ්‍රික්ස් රටවල් (BRICS), ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප‍්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන් හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව පැවැසීය. 2024දී වසර තුළදී මේ විසඳුම් ක‍්‍රියාත්මක විය යුතු බවත් එසේම අර්බුද ජයගැනීම සඳහා ලෝකය හමුවේ අවශ්‍ය සම්පත් සහ විසඳුම් තිබෙන බවත්, එය ක‍්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණක් යැයි ද ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කර තිබිණි.
ගෝලිය අර්බුද විසඳා ගැනීම හමුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ මෙම ප‍්‍රවේශය මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන අතර ශ‍්‍රී ලංකා වාසීන්ට මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ, ජනාධිපති රනිල්ගේ මෙම බරපතල ජාත්‍යන්තර මැදිහත්වීම මෙරට අර්බුදය ජයගෙන සංවර්ධිත ශ‍්‍රී ලංකාවක සිහිනය සෑබෑ කරගැනීම වෙනුවෙන් අවස්ථාව නිර්මාණ කිරීම ඔහු වෙතින් සිදුවෙමින් තිබීම නිසාය.
2023 සැප්තැම්බර් 28 දින ජර්මනියේ බර්ලින් නුවර පැවති බර්ලින් ග්ලෝබල් සංවාදයේ a (Berlin Global Dialogue) රාජ්‍ය නායක සංවාද සැසියේ සමාරම්භක දේශනය පවත්වමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.
පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝගවලට ලක්වී තිබෙනවා.
2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට ඣඪෂෘ-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලූව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලූවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.
නූතන ඉතිහාසයේ වෙනත් කිසි`දු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලූයි.
දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිරකිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා.
ශ‍්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත‍්‍රවල ගැටලූවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලූ රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.
දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලූ ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.
බංකොලොත් රටකට ගොඩයන්න ක‍්‍රමයක් නැහැ
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා. උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත‍්‍රණයක් නැහැ. ශ‍්‍රී ලංකාව බංකොලොත් බව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.
ශ‍්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.
මෙය ඉතා අයහපත් තත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප‍්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක‍්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.
දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප‍්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප‍්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක් බව කිවයුතුයි.
නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි.
මොකද ශ‍්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප‍්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප‍්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප‍්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලූ මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ටි‍්‍රලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ටි‍්‍රලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ‍්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළයුතුයි.
2030 වන විට ඒ සඳහා ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.
ජාත්‍යන්තර සැලසුම් පරණයි
ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලූව කඩිනමින් විසඳීම සඳහා ප‍්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලූත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.
අද අප සාකච්ඡා කළ බොහෝ අභියෝග එකිනෙකට සම්බන්ධ බව ප‍්‍රකාශ කෙරුණා. ඒ වගේම අප ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. අද පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම වසර 80 කට පමණ පෙර නිර්මාණය කර ඇති බව අපි සියලූ දෙනාම පිළිගෙන තිබෙනවා.
ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අප‍්‍රිකාවේ බොහෝ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ගෝලීය ආර්ථික බලවතුන් බවට පත්වීමත් සමඟ ලෝකයේ විවිධ වෙනස්වීම් අප දැක තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සැලැස්ම සාපේක්ෂව සුළු ප‍්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙනවා. පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ණය ප‍්‍රශස්තකරණය ඉතා සංකීර්ණ කරනවා. මේ සඳහා අප සියලූ දෙනා එකඟ වී තිබෙනවා. අද සාකච්ඡා කෙරෙන අභියෝගවලට මුහුණදීම සඳහා අප අධිෂ්ඨානශීලිව ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.
දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාවක් නැහැ. බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ලබා ගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ශීඝ‍්‍ර වැඩිවීමක අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.
බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සතුව සැලකිය යුතු වත්කම් ප‍්‍රමාණයක් පවතිනවා. එය අපට අවදානම් අවම කිරීමේ ක‍්‍රියාමාර්ගවල යෙදවිය හැකියි. බදු ක‍්‍රමයන් තවමත් මෙම ගැටලූවෙන් බැහැරවයි පවතින්නේ. ආර්ථික අවධානම්වලට මුහුණ දෙන මධ්‍ය ආදායම් ලබන රටවල් ද ඇතුළුව, තවත් රටවල් සමඟ අප සහනදායී මූල්‍යකරණයකට ප‍්‍රවේශ විය යුතුයි.
2022 ශ‍්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතලකම සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග‍්‍රහය ඇතිව රට තුළ ශක්තිමත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරමින් තිබුණද, එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප‍්‍රවේශ වීමට හැකියාව ලැබී නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා මෙම තත්ත්වයන්ට ගැළපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි. එය තවමත් පෙර පැවති පැරණි සාකච්ඡා ක‍්‍රමයමයි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? බි‍්‍රජ්ටවුන් මුලපිරීමේ සිට එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට යෝජනා රාශියක් තිබෙනවා. පැරිස් දේශගුණ සමුළුවේ මාර්ග සිතියම සකස් කරමින් සිටිනවා.
මම දැන් එයට වැඩි යමක් එකතු කරන්නේ නෑ. මම කියන්නේ තෝරා ගැනීමක් සිදු කරන ලෙස පමණයි. ඒ අනුව අපි ක‍්‍රියා කරමු. එහෙත් පවතින තත්ත්වය උග‍්‍ර වී ඇත්තේ ණය ඉල්ලීම, තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම සහ වෙළඳාම, ආයෝජනය, ප‍්‍රාග්ධනය, තාක්‍ෂණය වැනි ක්ෂේත‍්‍ර සඳහා විවෘත ප‍්‍රවේශයක් පැවතීම ඇතුළු පවතින ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග නිසයි.
ගෝලීය දකුණට විකල්ප නායකත්වයක් අවශ්‍යයි
එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්ත්වයන් එවැනි වෙළඳපොල සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප‍්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ විසංයෝජනය කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවලට, දැන් අප සමඟ සාකච්ඡා නොකරම අංශක 180ක් හැරී ආපසු ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, එය කුමක් වුවත්, පවතින ක‍්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. අපට එයට ඇතුල් වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා.
ඒ වගේම, ”එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස, ශ‍්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා අනෙකුත් රටවල් අප දෙස සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙනවා. මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් වනු ඇති අතර, මේ හරහා ගෝලීය වශයෙන් සිදුවී තිබෙන ධ‍්‍රැවීකරණය වඩාත් පැහැදිළිව දර්ශනය වෙනවා. ශ‍්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා. එය අපට තවදුරටත් අලූත් දෙයක් නොවෙයි.
ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වෙන ඔවුන්ගේ මැතිවරණය සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම තත්ත්වය මේ වන විට රික්තයක් නිර්මාණය කරමින් සිටිනවා, මන්ද එක්සත් ජනපදයට නව පාලනයක් අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඒ සඳහා නායකත්වය දිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතැන් සිට ලබන වසර අවසානය දක්වා, ඔවුන් 2024 මැතිවරණයට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට පටන් ගන්නා නිසා එම නායකත්වය ගැනීමට ඇති අවධානය ක‍්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම, අනෙක් අතට බි‍්‍රක්ස් රටවල් අද වන විට G7 සහ කොඞ් සාමාජික රටවල් වෙත අභියෝගයක් වී තිබෙනවා.
ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා. ඒ වගේම ඨ20 කණ්ඩායම පසුබැස ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි 2024දී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාකළ යුතුයි.
කවුද මේ කාර්යයභාරය ඉටු කරන්නේ? ඒ නිසා මම හිතන්නේ යුරෝපා සංගමයට අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතින බවයි. ඒ සඳහා වෙන කිසිවෙක් නැහැ.
ඒ නිසා G20 සහ බ්‍රික්ස් රටවල් (BRICS), ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප‍්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන් හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව මම යුරෝපා සංගමයට යෝජනා කරනවා.
2024 අප ක‍්‍රියාත්මක විය යුතු වසරයි. අද පවතින ගෝලීය යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කරන සහ අවශ්‍ය අයට ඵලදායී නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් අප ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා ඔබට ඉදිරිපත් විය හැකියි. අපට සම්පත් තිබෙනනවා, විසඳුම් තිබෙනවා, එය ක‍්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණයි.
අප එය කඩිනමින් කළ යුතු වෙනවා. මේ සඳහා අපට බටහිර හා චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඒ වගේම යුරෝපා සංගමය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. එසේ සිදු නොවුණහොත් අපට ඉදිරියට යා නොහැකියි.