පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම මුද්දරයක්

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද (06) සිදුවිය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කෙරිණ. මේ මගින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *