මැතිරවණ කොමිසම තැපැල් ඡන්දය පස්සට දමයි

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සදහා මුදල් නොගෙවීම මත රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සිදු නොකළ අතර මේ හේතුවෙන් පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවලට යේදී තිබූ තැපැල් ඡන්ද සළකුණු කිරීම කල් දැමීමට සිදුව ඇත.

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (පෙබ. 15) දිනයේදී බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් අදාළ රැස්වීමේදී සදහන් කොට ඇති බව වාර්තාවේ.