ජනපති හෙට චීනෙට

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල චාරිකාවක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යාමට නියමිතය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බැවින් එළඹෙන සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ කැඳවා තිබූ බව වාර්තා විය.

එහිදී රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර කැබිනට් පත්‍රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *