උතුරේ ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් පවතිනවා- ජනපති පවසයි

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ යාපනය වාලම්පුරි හෝටලයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.