ගොවීන්ට තුවක්කු දෙන අක්කර ගාන වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක්

මෙරට වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිලවුන්ගෙන් සිදුවන වගා හානි ඉහල ගොස් ඇතිබවට  ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි අනුව  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම  තීරණය ගෙන තිබේ.

පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිලවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇති බවට ගොවි ජනතාව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබේ.

පොල් ගෙඩි 800ක් පමණ අස්වනු ලබා ගත් තම වතුවලින් මේ වනවිට පොල්ගෙඩි 100ක් වත් කඩා ගත නොහැකි තරමට රිලවුන් විසින් අස්වනු පාලු කර  ඇති බව කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමෙිදී ගොවීන් පවසා ඇත.