කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා

0

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.එම ගොවි කම්කරු ජනතාව සමඟ කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යන බවද විජයවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ බව පැවසීය.”රනිල් වික්‍රමසිංහ භාරගත්තේ බංකොලොත් වූ රටක්.එදා අරගල සමයේ රටේ නීතියක් තිබුණේ නැහැ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණේ නැහැ. ඉන්ධන පෝලිම්වල ජනතාව මිය යමින් සිටින තත්ත්වයක් උදා වුණා.

කාඩ්බෝඩ් නායකයන් කතා කරමින් සිටින විට අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. අනෙක් දේශපාලන නායකයන් වැඩ පෙන්නුවේ කටින් විතරයි. රනිල් වික්‍රමසිංහ තනි ආසනයක් තබාගෙන මුලින් අගමැති ධුරය  බාරගෙන අනතුරුව ජනාධිපති බවට පත් වී සුළු කාලයකින් රට බංකොලොත් බවින් මුදා ගැනීමට හැකි වුණා” යැයි විජයවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *