ජනපති රනිල්‌ගෙන් ගොවියන්ට සහන වැස්සක්..! යූරියා මිටියක් රු. 5000කට

එළඹෙන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කර සිටියේ වගා කන්න 03කට පසු මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත් බවයි.

මේ අතර පසුගිය සති අන්තයේදී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නෞකාවක් මෙරටට පැමිණි අතර ඒ අනුව එම පොහොර අද (12දා) සිට සියලු ගොවි ජන මධ්‍යස්ථාන වෙත නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.