සචිත්‍ර සේනානායක ඇප මත මුදා හැරේ

0

තරඟ පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (25) නියෝග කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

සචිත්‍ර සේනානායකට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

විමර්ශනය පැවති කාල සීමාව තුළ සැකකරු විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට හෝ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට ඔහු අන්‍යාකාරයෙන් බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් සැකකරු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *