සතොසේ මුංඇට – අල සීනි මිල බසී

ඊයේ (10දා) සිට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

ඒ අනුව මුංඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි සහ සුදු සීනි මිල මෙලෙස සංශෝධනය කර ඇත.ඒ අනුව මුංඇට කිලෝවක් රුපියල් 47කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 998කි.

ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි කිලෝවක නව මිල රුපියල් 205කි.

දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 375කි.

රුපියල් 6.00කින් අඩුකර ඇති සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 263ක් බව ලංකා සතොස සඳහන් කර සිටී.