අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු නුදුරේ දී ම

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව පැවසීය.

ශුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග අද (ජූලි 4) අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවදී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ ය.

ජූලි මස 15 වන දා නිල වශයෙන් සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වුවද කඩිනමින් දෙවන අදියරේ ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හැකි සෑම දිස්ත්‍රික්කය ම එම කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා  තවදුරට ත් සඳහන් කළේ ය.