මෙරට ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත්වෙයි

මෙරට රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් ලෙස දුෂණ විරෝධී පනතට ඇතුළත් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අදහස් ඇමතිවරයා පළ කරන ලද්දේ කොළඹ පැවති සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ 2024 වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.