උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සිසුන් 17,000 කට පොලී රහිත ණය හිමිවේ

රජය සිසුන් 17,313 දෙනෙකුට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීමට පොලී රහිත ණය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර තිබේ.

අරමුණින් 2017 වර්ෂයේ අය-වැය යෝජනා අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීම පිණිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

 ඒ අනුව එම ණය යෝජනා ක්‍රමය යටතේ රු. 800,000ක (ලක්ෂ අටක) උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදල් සිසුන්ට ලබා දෙනු ලැබේ.