විසර්ජන පනත් කෙටුම්පතෙන් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබ සාධන වියදම් කෙරෙහි වැඩි අවධානයක්…

0

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනි දා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 දා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය. නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනි දක්වා පැවැත්වෙයි. තුන් වැනි වර ඡන්ද විමසීම එදින සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඊට කතානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත් කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ නව අයවැය මගිනි.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබ සාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසරේ දී රුපියල් බිලියන 65ක් පමණ වූ සුබ සාධන විදයම රුපියල් 185 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *