මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමයි

0

මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-11-1 දින සිට 2024-2-29 දින දක්වා ඉදිරි මාස හතරක කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබිණි.

ඒ සඳහා ලංසු පහක් ඉදිරිපත්ව තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත M/s petrochina International(Singapore) වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *