ජල බිල්පතේ ලොකු වෙනසක්

0

ලබන මස පළමුවනදා සිට මුද්‍රිත ජලබිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පැවසුවේ, තෝරාගත් නියාමන ප්‍රදේශ 04ක පළමුවෙන් එම නව ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි 2023 ඔක්තෝබර් 1 ඉඳලා පාරිභෝගිකයාට බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් කරන්න උත්සාහ කරනවා. අත්හදාබැලීමේ පදනම මත කොළඹ දකුණු නගර, මහනුවර දකුණු නගර, ත්‍රීකුණාමලය, පොළොන්නරුව කියන ප්‍රාදේශීය කාර්යාල 4 ආශ්‍රිතව මාර්ගගත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමයක් ආරම්භ කරනවා. ඒ්ක 2024 ජනවාරි 01 ඉඳන් ලංකාවෙම ව්‍යාප්ත කරන්නත් අපි බලාපොරොත්තුව ඉන්නවා. ඉතින් කිසිම භයක් ඇති වෙන්න එපා. මේ බිල්පත නිසා අපිට අපේ හරියට හම්බවුණ බිල්පතවත් හම්බවෙන්නේ නැතිවෙයිද ,ගෙවිම් අඩු වෙන්නේ නැති වෙයිද? අපේ වැඩ ටික හරියට කරන්නේ නැති වෙයිද ? කලින්ට වඩා ඉක්මනින් බිල්පතක් ලබාදෙන්න නිවැරදි බිල්පතක් ලබාදෙන්න පුළුවන්. 1939 අංකයට කතා කරලා ඕනෙම ගැටලුවක් විසඳගන්න පුළුවන්. ස්මාරට් දුරකථනයක් නැති කෙනෙකුට අපිට පුළුවන් ඔබේ බිල්පත මුද්‍රිත පිටපතක් විදියට ලබාදෙන්න. අපි විශේෂයෙන් ධෛර්යමත් කරනවා පුළුවන් තරම් ඉලෙක්ට්‍රානික් ක්‍රමයට යන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *