දේශපාලන මැදිහත් වීමකින් තොරව රේගුවට නිලධාරීන් බඳවාගන්නවා

0

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විවෘත තරග විභායකින් සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවාගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති සහ වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදයම් ලැබූ රටක් බවට අප රට පත්ව තිබුණද ගිය වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය ආදායම 50%කින් වැඩි කරගෙන තිබුණද එයද ප්‍රමාණවත් නොවන බව හෙතෙම කීවේය.

ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ඇතැයිද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස තරමක් අඩු කිරීම හා බදු පැහැර හැරීම සක්‍රීයව වැළැක්වීමට පියවර ගැනීම ආදිය සිදු කළ යුතු බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා බදු පැහැරහැරීම වැනි කටයුතු සක්‍රීයව වැළැක්වීම ආදි කටයුතුවලදී මේ නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත් බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *