දසුන්ට ආබාධයක් කුසල් පෙරේරා සහ තීක්ෂණ ගැන නිවේදනයක්

0

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන දෙවැනි තරගය මේ වන විට ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වේ.

මෙම තරගය සඳහා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් ය.

ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ දසුන්ගේ මං වැලමිටෙහි ආබාධයක් සිදුව ඇති බවත් ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවයි.

ශ්‍රී ලංකා හා බංග්ලාදේශය සමග පැවති පුහුණු තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.

ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවයි .

බංග්ලාදේශයට එරෙහි එරෙහි තරගයේදී දරුණු උරහිසෙහි උරහිසෙහි ආබාධයකට ලක්වුණු කුසල් ජනිත් පෙරේරා ද මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු ද ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාව බලා පසුගිය 26 වැනිදා පිටත්ව නොගිය දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ හෙට දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනය අද තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *