2025 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ බලශක්ති අපනයනකරුවෙක්

0
  1. දේශගුණික විපර්යාස, දේශගුණික අර්බුදය, දේශගුණික හදිසි තත්ත්වය, ආදී බොහෝ වචන අපි අහලා තියෙනවා. ඔබ දැන් අලුත් යෙදුමක් හඳුන්වා දී තිබෙනවා ‘දේශගුණික සෞභාග්‍යය’ කියලා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ?
    ඔබ ඔය කියූ වචන ඇසුරින්ම මේ තත්ත්වය වටහා ගන්න පුලුවන්. මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණික තත්ත්වයන් වේගයෙන් වෙනස් වෙනවා. ඒකට අපි දේශගුණික විපර්යාසය (Climate Change) කියනවා. ඒ වෙනස්වීම, ඉතා බැරෑරුම් තත්ත්වයක්. සමස්ත මිනිස් වර්ගයාගේ පැවැත්මට දැඩි බලපෑමක් එමගින් ඇති විය හැකියි. ඒ නිසා තමා විද්‍යාඥයන් ඊට දේශගුණික අර්බුදයක් (Climate Crisis )කියලා කියන්නේ. ඒ වගේම, අපි ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වන්න ඕනේ. දැනටත් ප්‍රමාද වැඩියි. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ දේශගුණික හදිසි තත්ත්වයක, ඒ කියන්නේ Climate Emergency කියන තත්වයක. දැන් අපි මේ අවදානම දන්නවා. ඒත් එයින් ගොඩ එන්න නම්, ඒක නිකම්ම අවදානමක් ලෙස පමණක් නොසැලකිය යුතුයි. ඊගාවට මේ දේශගුණික අර්බුදය තුළ අපට විශාල අවස්ථා තිබෙනවා. ඒවා, ශ්‍රී ලංකාව ජය ගනිමින් සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට යොදාගන්න පුළුවන්, රට සංවර්ධිත දේශයක් බවට පත් වීමටත් ඒ අවස්ථා වැදගත්. දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දෙමින්, සෞභාග්‍යය අත්පත් කර ගත හැකියි. ඒ නිසා තමා ඊට දේශගුණික සෞභාග්‍යය (Climate Emergency) කියා අපි යෝජනා කරන්නේ.
  2. මෑතකදී ඊජිත්ප්තුතවේ පැවැත්වුණු ඣඡ 27 දේශගුණික විපර්යාස සමුලුවේදී ජනාධිපතිතුමා දේශගුණික සෞභාග්‍යය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා ඒ කුමක් සම්බන්ධයෙන්ද?
    ඔව්. පාරිසරික අවදානම් ගැන සැලකීමේදී ශ්‍රී ලංකාව ඉන්නේ අවදානම් තැනක. ඒ කියන්නේ දේශගුණික විපර්යාසයන්ගේ අනිටු බලපෑම අපට වෙනත් බොහෝ රටවලට වඩා වැඩිපුර දැනෙනවා. මෑතකදී අපට කලාපීය වායූ දූෂණයේ ප්‍රතිපල නරක ලෙස බලපෑවා. ඒ වගේම දූපතක් නිසාත් අපට වැඩි අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම, සාගර ජල මට්ටම් ඉහළ යාමේදී, අපේ රටට ඇති විය හැකි බලපෑම විශාලයි. මේ නිසා ලෝකයේ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමට වැඩියෙන්ම නතු වීමේ අවදානම සහිත රටවල් 20ක් එක් වී ‘අන්තරායපාත්‍ර 20’ නමින් සංවිධාන ගත වී තිබෙනවා. ඒ වගේම, අවදානවම ඉහළ රටවල් කණ්ඩායමක් ලෙසත් සහයෝගීතාවක් වර්ධනය කරගෙන තිබෙනවා. අපේ කලාපයේ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බංග්ලාදේශයත් ඒ අතර සිටිනවා. මේ රටවල්වල වෙනම සමුලුවක් ඊජිප්තුවේදී පැවැත්වුණා. ඒ රැස්වීමේදී තමා මේ වාර්තාව ඉදිපත් කෙරුණේ.
  3. රටේ ආර්ථික අර්බුද උත්සන්න වෙලා තියෙද්දී මොනවද මේ පරිසර සමුලුවලින් සහ වාර්තාවලින් අපේක්ෂා කරන්නේ?
    ඉතාම වැදගත් ප්‍රශ්නය මේක තමා. පවතින ආර්ථික අර්බුදයෙන් වගේම, අප මුහුණ දී සිටින දීර්ඝ කාලීන අවදානමක් වන දේශගුණික අවදානම්වලින් මිදීමට නම් අපට අවශ්‍ය වන්නේ ආයෝජන. අපේ රටේ තිබෙන අවස්ථා බොහෝ දුරට භාවිතයට ගෙන නෑ. ඊට ප්‍රධාන හේතුව නම් අවශ්‍ය තරම් ආයෝජන නොමැති වීමයි. මේ වාර්තාව මගින් ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කෙරෙන ආයෝජන අවස්ථා හඳුනාගෙන තිබෙනවා. දේශගුණික අන්තරාවන්ගේ අවදානමට ලක් වූ රටක් ලෙස අපට ආයෝජන ගෙන්වා ගැනීමේ වැඩි අවස්ථා තිබනෙවා. ඒ නිසා තමා මේ වගේ සමුලුවලදී විශේෂ අවධානයක් දිනා ගැනීමට අපට හැකි වී තිබෙන්නේ. ගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව අප කටයුතු කරන්නේ, ශ්‍රී ලංකාවට අයෝජන ගෙන්වා ගැනීමට ඇති අවස්ථා වර්ධනය කිරීමටයි. ඒ සඳහා අප තනිව වගේම, අප වැනිම අධි අවදානමේ සිටින රටවල් සමඟ එකතු වී ප්‍රබල හඩක් නැගිය යුතුයි. තවමත් ලෝකය තුළ සිදු කෙරෙන ආයෝජන දෙස බැලූ විට අපට පෙනෙන දෙය තමා, දේශගුණික ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා විශාල අවශ්‍යතාවක් වෙගේම අවස්ථාවක් විවිර වී තිබෙන බව. කෙටියෙන් කිව්වොත්, දේශගුණික සෞභාග්‍යය දැක්ම අපට ඒ අත්‍යවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට මාර්ගයක්.
  4. ඔය දේශගගුණික සෞභාග්‍යය සැලසුමේ ප්‍රධාන අංග මොනවාද?
    දේශගුණික වශයෙන් අනාරක්ෂිත ලෝකයක සෞභාග්‍යය කරා යන මාවතක් සැකසීමේ ජාතික ආයෝජන උපාය මාර්ගයක් තමා මේ සැලැස්ම. ඒ වගේම, ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා සමාජ-ආර්ථික ප්‍රතිඵල සහ යහපැවැත්ම උපරිම කිරීමත් අරමුණක්. මේ සඳහා ස්වදේශීය වශයෙන් පුනර්ජනනීය බලශක්තිය ජනනය සඳහා ඇති විභවය මත පදනම්ව මූල්‍ය ආයෝජන ප්‍රවර්ධනය කිරීමත්, දේශීය වශයෙන් අර්බුදයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමත් අපේක්ෂා කරනවා.
    නිශ්චිත ඉලක්ක විදිහට සැලකුවොත්, 2025 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ බලශක්ති අපනයනකරුවෙක් බවට පත් කිරීමත් 2040 වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දේශීය අවශ්‍යතාවෙන් 100% ඉක්මවීම ඉලක්ක කරනවා. මේ සඳහා අවශ්‍ය හිරු එළිය සහ සුළං ශ්‍රී ලංකාව සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ නිසි ආයෝජන සහ තාක්ෂණය ලබා ගැනීම පමණයි.
  5. දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ගැනත් සඳහන් නේද?
    ඔව්. දේශගුණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජිතයි. දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම ප්‍රවර්ධනය මෙන්ම අනාගත රැකියා සඳහා සිසුන් පුහුණු කිරීමයි අරමුණ. වර්ෂ 2035 වන විට සිසුන් 10,000ක් පුහුණු කිරීමේ හැකියාව ඇති උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමටත් පළමු දශකය තුළ විවිධ පාඨමාලා හරහා සිසුන් 55,000 දක්වා පුහුණු කිරීමත් ඉලක්ක කරනවා. මෙම වැඩසටහනට වසර 12ක් පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්ආයෝජන වශයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. කලාපීය දැනුම් කේන්ද්‍රයක් වීමට ශ්‍රී ලංකාවට මෙය ඉතා වැදගත් පියවරක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *