ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත අවසන් මහා තරගය අද

0

එළඹෙන පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරේදා (05 වැනිදා ) සමත් විය.තරගාවලියේ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පෙරේදා රාත්‍රී පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ සඳහා සුදුසුකම් කීහ.

ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *