මෙම වසරේ මුල් මාස 06 තුළ සංචාරක ආදායම රුපියල් මිලියන 2148ක්

0

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට අයත් වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ මුල් මාස 06 තුළ සංචාරක ආදායම රුපියල් මිලියන 2148ක් වාර්තා කර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

දෙස් විදෙස් සංචාරක පැමිණිමෙන් මෙම ආදායම උපයා ඇත.

ඉකුත් 2022 වසරේ සමස්ත ආදායම රුපියල් මිලියන 2501.64ක් වන අතර මේ වසරේ සමස්ත ආදායම පසුගිය වසරව වඩා අගයක් ගතහැකි බව එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් පෙන්වා දේ.

ඒ අනුව මෙම වසරේ ජූනි දක්වා වනජීවී දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 1612ක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම පිළිවෙලින් රුපියල් මිලියන 99.9ක් සහ රුපියල් මිලියන 436.7ක් වේ.

ඉකුත් වසර පුරාම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම් පිළිවෙලින් රුපියල් මිලියන 1864ක්, රුපියල් මිලියන 102.55ක් සහ රුපියල් මිලියන 535.09 ක් විය.

වනජීවී දෙපාර්තමේන්තු ඉදිර වර්ෂය තුළ සිය ආදායම වැඩිකරගැනීමට බුන්දල,නකල්ස් හා සිංහරාජ ජෛවගෝල රක්ෂිත මෙන්ම උඩවලව ජාතික උද්‍යානය තුළ සොබාදහම පදනම් කරගත් සංචාරක සැලසුම් සකස් තර ඇත.

එමෙන්ම නව පුහුණු මධ්‍යස්ථාන යොදාගනිමින් විදේශ රටවල් සමඟ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීමටද එම දෙපාර්තමේන්තුව සැළස්ජ්ම් කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සිය ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් පාරිසරික උද්‍යාන(eco park) ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල,ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම්කර නැති සිංහරාජ වනාන්තරය, කන්එළිය රක්ෂිතය, උඩවත්ත කැළේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිතවලටද ගොස් පරිසර සුන්දරත්වය විදීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ සළසා ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවද දැනට සත්වෝද්‍යාන සතුව සිටින සතුන්ට අමතරව නව සතුන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර නරඹන්නන්ට විනෝදාස්වාදය පිණිස නව අංග හඳුන්වාදීමටද ක්‍රියාකර තිබේ.

එමෙන්ම පින්නවල අලි අනාථාගාරය තුළ සිටින අලි පැටවුන්ට සහ සත්වෝද්‍යන සතු අනෙකුත් ස්ථානවල සිටින සතුන් සඳහා සත්ත්ව සවිය මාපිය කැපකරු ක්‍රමය ද හඳුන්වා දී ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *