2024 වසරේ දසලක්ෂ වැනි සංචාරකයා  දිවයිනට

0

මෙරටට 2024 ආරම්භයේ සිට මේ දක්වා  පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි සහ පැට්‍රීෂියා රෝයි යුවළ පත් විය.

ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් දෙපළ පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *