තායිලන්තය හා ලංකාව අතර බජට් ගුවන් සේවාවක්

0

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් , ඍජු ගුවන් ගමන් සේවාවක් 07/09 දින රාත්‍රී සිට ආරම්භ විය. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්.- 140 දරන මංගල ගුවන් යානය 07/09 දින රාත්‍රී 10.10 ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර මෙම ගුවන් යානය යළි ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියේය.

මින් පසුව තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර  සතියකට ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කෙරෙන අතර , එනම් සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා  , යළි රාත්‍රී 11.00 ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන් තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන සදහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර , මෙම ගුවන් සේවයෙන් පැමිණ පිටත්ව යාම සදහා (Up and Down ) ගුවන් යානා ප්‍රවේශ පත්‍ර දෙකම ඉතා අඩුමුදලක් අයකරන බව එම ගුවන් සේවය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *