කිතුල්කොටේදී හමුවූ අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට

තණමල්විල පොලිස් වසමට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේදී ඉකුත් (05) වැනිදා හමුවූ අලි පැටවකු වනජීවී නිලධාරීන් විසින් උඩවලව ඇත්අතුරු සෙවණට භාර දී ඇත.

මෙම අලි පැටියා අලි රංචුවක් සමඟ ගම්වැදුණු අවස්ථාවේ පැටවා අතරමංවී සිටියදී ගම්වාසීන්ට හමුවී ඇත.

මාස 06 පමණ වන මෙම අලිපැටවා ඉතා නීරෝගි තත්ත්වයෙන් සිටින අතර ගම්වාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම්දීමෙන් පසුව මෙලෙස ඇත්අතුරු සෙවණට භාර දී තිබේ.