ජීවිත හානි නැති විදුලි වැටකින් වන සතුන් එළවමින් රක්ෂිත දෙකක් මැද වගාවේ සරු ඵල ගන්නා සිවිල් ආරක්ෂකයෝ

0

ගොවිපොළවල් තුළට වන අලින් සහ සතුන් ඒම වළක්වාලීමට තමන් විසින්ම කර ගත් නිර්මාණයක් හරහා වන අලින්ගේ හානිය අවම කරමින් රක්ෂිත දෙකක් මැද, කාබනික පොහොර මගින් එළවළු, පලතුරු වගා කර, රජයට විශාල ආදායමක් ලබා දෙන සිවිල් ආරක්ෂකයන් පිරිසක් පොළොන්නරුව මැදිරිගිරිය කලාපයේ හතරැස් කොටුව ගොවිපොළෙන් හමු විය.

කම්බි, යකඩ, නූල් හා ඉවතලන ද්‍රව්‍යවලින් මෙම සිවිල් ආරක්ෂකයන් සෑදූ නිර්මාණය හරහා සිදු කරන මෙම අපූරු වගාවෙන් ඔවුහු මේ වන විට ගස්ලබු, පැණි දොඩම්, බටු, මිරිස්, පේර, අඹ, කෙසෙල්, මඤ්ඤොක්කා, ආදිය වගා කරමින් අස්වැන්න නෙලා ගනිති.  එම අස්වනු වන සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඔවුන් සැකසූ මෙම නිර්මාණය මගින් වගා භූමියට වන සතුන් ඇතුළු වීමේදී සංඥාවක් නිකුත් කරන ක්‍රමවේදයක් සකසාගෙන තිබීම ද විශේෂත්වයකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *