ප්‍රභල අකුණු ගැන අවවාදයක්

ප්‍රභල අකුණු ඇතිවිය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් (29) නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.