ශ්‍රී ලංකා ටෙනිස් අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම කටුනායකට

0

නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 20 දින සිට 24 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි .

 මෙසේ මෙම තරගාවලියෙන් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිස එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ටෙනිස් ශූරතා තරගාවලිය සදහා සුදුසුකම් හිමි කර ගෙන තිබේ .

එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් තෙවන ස්ථානය දිනා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *