අද සිට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතිය ඇරඹේ
අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතිය ක්‍රියාත්මක වේ.
ඒ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වය මත එම අමාත්‍යාංශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත .
2023දී නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගම්මාන 11ක් තෝරාගෙන මේ වැඩපිළිවෙළ ආරම්භ විය.
එම ගම්මානවල ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථකවී තිබේ.
අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදන ලෙස ඇමැතිවරයා උපදෙස් දී තිබේ.