බස් ගාස්තුවේ වැඩිවීමක් නෑ – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ ද බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටිනවා.

පසුගිය මාසයේ මිල සංශෝධනය හමුවේ ඉන්ධන මිල අඩු වූ අතර එහිදී බස් ගාස්තු අඩු නොකිරීම සළකා බලා, මෙම වැඩි වීම නොසලකා හරින බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.