මේ අවසානය නොවේ! දීර්ඝ ගමනක ආරම්භයයි

මෙය අවසානය නොවන බවත්, තවත් දීර්ඝ ගමනක ආරම්භය බවත්, දැන් අපේ උත්සාහයෙන් එම ගමන යා යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023.03.22 දින IMF ණය සහනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.