පළාත් තුනක් – දිසා  තුනක් අදත් කුඩ ඉහළති

බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර්75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

එසේම උතුරු සහ උතුරු මැද පළාත්වල ද වැසි වාර කීපයක් ඇති වේ.

ඌව පළාතේ ද අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකි වේ.