අද ජනපති ජාතිය අමතයි

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා  රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරයි.